ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයින් 6000කගේ පමණ රැකියා අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ කඩිනමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සිදුනොකළහොත් මෙම තත්ත්වය උදාවන බවයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළා.

දිගින් දිගටම පාඩු ලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගාම නඩත්තු කිරීමට රජයට තවදුරටත් හැකියාවක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

https://www.vnews.lk/storage/2023/07/NIMAL-SIRIPALA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content