නල්ලතන්නිය සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ගෑස් සහ ශ්‍රී පාද උඩ මළුවට අවශ්‍ය පුජා භාණ්ඩ රැගෙන යන කම්කරුවන්ට වියළි සලාක සහ මුදල් ආධාර පිරිනමා තිබෙනවා.

සිංහල හා දෙමළ අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්, නල්ලතන්නිය ශ්‍රී පාද බෞද්ධ මධ්‍යස්ථානයේදී එය සිදුකෙරුණු බවයි අප වාර්තාකරු පැවසුවේ.

එහිදී එම කම්කරුවන්ගේ පාසල් වියේ පසුවන දරු දැරියන්ට අවශ්‍ය නිල ඇදුම් රෙදි සහ පාසල් උපකරණද බෙදාදී තිබෙනවා.

නල්ලතන්නිය ප්‍රදේශයේ අවට පිහිටි වතු කෝවිල් වෙත සහල් මළු පිරිනැමිමක්ද එහිදී සිදුවූ බව සඳහන්.

WhatsApp Group

Skip to content