ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ඉදිරි සංවර්ධන  වැඩකටයුතු පිළිබදව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (27) පැවැත්විනි.

මෙහිදි රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සියළු කාර්ය මණ්ඩලවල අවශ්‍යතාවයන් පිළිබදව, රෝහලෙන් ලබාදෙනු ලබන ප්‍රතිකාර සේවාවන්, නව පැකේජ ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රතිකාර සේවාවන් දියත් කිරිම, ‌සවස් කාලයේ ගාස්තුවලට යටතේව ලබාදෙනු ලබන විහේෂඥ වෛද්‍ය සේවාවන් කාර්යක්ෂම කිරිම,  රෝහලට පැමිණෙන රෝගීන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවයන් පිළිබදව විශේෂ අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කරන්නට විය.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නිලධාරින්ට උපදෙස් දෙමින් කියා සිටියේ රෝහලේ ඉහත අවශ්‍යතාවයන් පිළිබදව ප්‍රමුඛ අවධානය යොමු කරමින් එම සේවාවන් කඩිනමින් විදිමත් ලෙස ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

නිවැරදි තීන්දු තීරණ ගෙන ගුණාත්මක හා කාර්යක්ෂම රෝහලක් ලෙස මෙම රෝහල ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස ද උපදෙස් ලබාදෙන ලදි.

WhatsApp Group

Skip to content