ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩ බලන මහ ලේකම්වරයා ලෙස හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන සාරතී දුෂ්මන්ත මහතා පත්කර තිබෙනවා .

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ පස්වරුවේ රැස් වූ අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ .

නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී මෙම රැස්වීම පැවැත්වුණා .

මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අවසන් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කල එම පක්ෂ සභාපති ,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා .

https://www.vnews.lk/storage/2023/09/SIRISEENA-EDIT-.mp3?_=1

එමෙන්ම නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අවසන් වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ද මාධ්‍ය වෙත අදහස් පල කළා .
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල වර්තමානයේ කිසිදු බෙදීමක් නොමැති බවයි .

https://www.vnews.lk/storage/2023/09/DUMINDA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content