ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර සිල්හෙට් හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ඊයේ නිමා වුණේ තරගය ජය ගැනීම පිළිබද සියලු බලාපොරොත්තු ශ්‍රී ලංකාවට හිමි කර කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 511 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශය කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 47 ක්.

ඒ අනුව ඔවුන් තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 464 ක් ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකාව තරගය ජය ගැනීමටනම් තවත් කඩුලු 5 ක් දවා ගත යුතුයි.

බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ දී ම දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වුණා. ඔහුගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී ලකුණු නොලබා දැවී ගියේ මහ්මුදුල් හසාන් ජෝයි.

නායක නජ්මුල් හුසේන් ශන්තෝ ලකුණු 6 ක් ලබා සිටියදී ඉනිමේ දෙවැනි පන්දුවාරයෙන් දැවී ගියේ කසුන් රාජිතගේ පන්දුවක් හමුවේයි.

සාකීර් හසාන් ලකුණු 19 කටත්, ශහඩාට් හොසේන් හා ලිටොන් දාස් ලකුණු නොලබා සිටියදීත් දැවී ගියා. මොමිනුල් හක් නොදැවී ලකුණු 7 ක් හා තයිජුල් ඉස්ලාම් නොදැවී ලකුණු 6 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු කඩුලු 3 ක් දවා ගත් අතර, කසුන් රාජිත හා ලහිරු කුමාර එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

WhatsApp Group

Skip to content