ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර 3වන සහ අවසන් පන්දුවාර 20 තරගය අද පස්වරු 2.30ට පැවැත්වෙනවා.

ඒ, බංග්ලාදේශයේ සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

මේ වන විට කණ්ඩායම් දෙකම 1ට 1 ක් ලෙස සම තත්ත්වයේ පසුවන අතර තරගාවලිය ජය ගැනීම සඳහා අද තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වනවා.

මුල් තරඟ දෙක ක්‍රීඩා කිරීමට තහනමක් පනවා තිබු ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි විස්ස නායක වනිදු හසරංග අද දින කණ්ඩායම මෙහෙයවනු ලබනවා.

මේ අතර ආබාධයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අද තරගයට ක්‍රීඩා නොකරනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

WhatsApp Group

Skip to content