2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට අපරාජිතව සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ, තරගාවලියේ 12 වැනි තරගයෙන් තායිලන්තය පරදා කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්

දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් තායිලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 93 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 11 යි පන්දු 3 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

චමරි අතපත්තු පන්දු 35 කින් නොදැවී ලකුණු 49 ක් රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 2 ක් සමගින්.
විශ්මි ගුණරත්න පන්දු 34 කින් නොදැවී ලකුණු 39 ක් ලබා ගත්තා.

ඒ අනුව මූලික වටයේ දී ක්‍රීඩා කළ තරග තුනම ජය ගත් ශ්‍රී ලංකාව ඊ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගනිමින් දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තා.

WhatsApp Group

Skip to content