සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පළමු තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 03.30ට මැන්චෙස්ටර් හිදී පැවැත්වෙනවා.

එමෙන්ම මෙම තරගයේ දී වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක ටෙස්ට් වරම් හිමි කර ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු හා මිලාන් රත්නායක යන ක්‍රීඩකයින් වේග පන්දු යවන්නන් ලෙස ක්‍රීඩා කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content