දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස ශ්‍රි ලංකන් ගුවන් සේවය ඇගයීමකට ලක්ව තිබෙනවා.

ඉන්දියාවේ බැංග්ලෝර් හි පැවති දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදි මෙලෙස ඇගයීමට ලක්වූ බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේ.

එමෙන්ම ප්‍රමුඛතම ගුවන් සේවා පන්තිය ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ ව්‍යාපාරික පන්තිය මෙහිදී ඇගයීමට ලක්ව තිබුණා.

දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී සත්කාරක හා සංචාරක ක්ෂේත්‍රවල සමාගම් ඇගයීමට ලක් කෙරෙන්නේ එහි වෘත්තිකයින්ගේ සහ පාරිභෝගිකයින්ගේ මනාප අනුවයි.

පසුගිය වසරේද මෙම සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨම ගුවන් සේවා සම්මානය ශ්‍රී ලංකන් ගුවන් සේවය හිමිකර ගනු ලැබුවා.

WhatsApp Group

Skip to content