ශ්‍රි පාද උඩ මළුවේ සිට පහළට පැන අතුරුදන් වූ තරුණයා සෙවිමේ මෙහෙයුම් කටයුතු නවතා දමා තිබෙනවා.

අතුරුදන් වූ තරුණයා සොයා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ 15 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් සහ නල්ලතන්නිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් තරුණයා පහළට පැන ඇති ස්ථානයේ සිට කඹ ආධාරයෙන් පහළට බැස මෙහෙයුමක් දියත් කර තිබුණා.

නමුත්   අතුරුදන් වු තරුණයා පිළිබඳව කිසිදු තොරතුරක් නොලැබීම හේතුවෙන්  ශ්‍රී පාදස්ථානාධිපති හිමියන්ගේද උපදෙස් පරිදි මෙහෙයුම නතර කළ බවයි ලක්ෂපාන යුධ හමුදා කඳවුරේ අණදෙණ නිලධාරිවරයා සඳහන් කලේ.

ශ්‍රි පාද උඩ මළුවෙන් පහලට පැන ඇති තරුණයා රක්ෂිතය දිගේ පහලට පැමිණ පලා යන්නට ඇති බවටයි  ආරක්ෂක අංශ නිලධාරින් සැක පල කරන්නේ.

WhatsApp Group

Skip to content