ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී රැස් වූ පක්ෂ මධ්‍යම කාරක සභාව මෙම තීරණයට එළැඹි බවයි.

ඒ අනුව ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගිම සිය අපේක්ෂාව බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content