දකුණු ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් වාර්තා වූ නිපා වෛරසය වැළදී පුද්ගලයින් දෙදෙනෙකු මියයාම හේතුවෙන් එය පැතිරි යාම වැළැක්වීම සදහා එරට පාසල් වසා දමා තිබෙනවා.

කේරළයේ ප්‍රධාන අමාත්‍යවරයා පවසන්නේ එම ප්‍රාන්තයේ එක් ප්‍රදේශයකින් මෙම වෛරසය හඳුනාගෙන ඇති බවයි.

එමෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසද එරට ජනතාවට දැනුම් දී තිබෙනවා.

මේ පිළිබදව විමර්ශනය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ නිපා වෛරස් තත්ත්වය යනු සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන රෝගී තත්ත්වයක් බවයි.

WhatsApp Group

Skip to content