කොල්කටා නගරයේ අභ්‍යාසලාභී වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමීමෙන් පසු වෛද්‍යවරුන්ගේ විරෝධතාවක් රට පුරා පැතිර යාමෙන් පසු ඉන්දියාවේ නගර කිහිපයක රෝහල් සේවා අඩාල වී තිබෙනවා.

31 හැවිරිදි මෙම වෛද්‍යවරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් ස්වේච්ඡා සේවකයෙකු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක් වූ මෙම වෛද්‍යවරියගේ මළ සිරුරු සොයාගෙන තිබුණේ පසුගිය 9 වැනිදා ආර්.ජී.කාර් වෛද්‍ය විද්‍යාලයේ සම්මන්ත්‍රණ ශාලාවක් තුළදියි.

මේ හේතුවෙන් මුම්බායි හි බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රජයේ වෛද්‍යවරුන් 8,000කට අධික සංඛ්‍යාවක් හදිසි සේවා හැර අනෙකුත් සියලුම රෝහල් සේවා නතර කර තිබෙනවා.

WhatsApp Group

Skip to content