මේ වන තෙක් ආර්ථික ප්‍රථිපත්තියක් සකසා ගැනීමට නොහැකි වූ අනුර කුමාර මහතාට, වේදිකාවේ කයියනායක කෙනෙක් විදිහට වැඩ නොකර, පළමුවෙන් තම පක්ෂයට ප්‍රථිපත්තියක් සකසා ගන්නා ලෙස ජාතික ජන බල වේගයේ නායක අනුර කුමාර මහතාට දන්වා සිටින බව මැදවච්චිය ආසන සංවිධායක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

අද (12) දහවල් මැදවච්චිය නගරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා එසේ ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා,
“ඉස්සර වෙලා රැස්වීම තියන අතරතුර මැතිවරණයට අවශ්‍ය ප්‍රථිපත්තියක් හදා ගන්න. ආර්ථික දර්ශනයක්, ප්‍රථිපත්තියක් සකස්කර ගන්න. කතිකයෝ සියල්ලම තම පක්ෂයේ ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳව එකම දේ කියන්න හදා ගන්න. එක එක්කෙනා එක එක දේවල් කියනවා. කාන්තාවන් නිරුවත් කරලා පෙරහැරවල් තියන්න කතා තරනවා. තවත් කෙනෙක් නැවත ගණිකා වෘත්තිය නීතිගත කරන්න කතා කරනවා. තව කෙනෙක් ක්ෂද්‍ර මූල ණය උගුලින් කාන්තාව බේරගන්න නැවත කාන්තාව දර ලිපට ගෙනියන්න ඕන කියලා කියනවා. එක වෙලාවකට ඉංදියාව හොදනෑ කියනවා. ඉන්දියාවේ ගිහින් කොමිස් කුටට්ම ලැබුණාම ඉන්දියාව ෂෝයි කියනවා.
අනුර කුමාර මහත්තයෝ කොළඹින් රැස්වීමකට කාන්තාවන් 5000 ක් ගෙන්න බැරිනම් බෙල්ලේ වැල දාගන්න. හැමදාම ජේ.වී.පි රැස්වීම වල සෙනග හිටියා. නමුත් ප්‍රථිපලය 3% යි. ඉගෙන ගන්න මුලින්ම දේශපාලනය කරන්න” යැයි පැවැසීය.

WhatsApp Group

Skip to content