තාවකාලිකව වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් අත්හිටුවූ බව එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා .
මෙම කාර්යාලය දැනට පවතින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙනයාම හේතුවෙන් අදාල තීරණය ගෙන ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ .

ඒ අනුව ජුලි මස 28 වනදා සිට 31 වනදා දක්වා කාලය තුල මහජනතාවට මෙම කාර්යාලය මගින් සාමාන්‍ය සේවා සැපයීම තාවකාලිකව අත්හිටුවනු ඇති .

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය දැනට කොල්ලුපිටිය, අනගාරික ධර්මපාල මාවතේ තාවකාලිකව පවත්වාගෙන යනු ලබන අතර එය කොළඹ 10, මරදාන පාර, ටෙක්නිල් හන්දිය, ප්‍රදේශයේ පිහිටි ගොඩගිල්ලකට රැගෙන යෑමට නියමිතයි .

මෙහි හදිසි සේවාවන් මාර්ගගත ක්‍රමයට පවත්වාගෙන යන බවත් 070 11 07 788 යන අංකයට වට්ස්ඇප් ඔස්සේ පණිවුඩයක් යොමුකිරීමෙන් මේ පිළිබද වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවත් අදාල නිවේදනයේ සඳහන් කර තිබෙනවා .

WhatsApp Group

Skip to content