සහල්, අල, ඵෑණු ඇතුළු අත්‍යාවශ්‍ය වියළි ආහාර සම්බන්ධයෙන් පවතින වෙළෙඳපොළ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊට අදාළ සියලු පාර්ශව සමග සාකච්ඡාවක් කැදවා තිබෙනවා.

ඒ අනුව, හෙට එම සාකච්ඡා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ කියා සිටියේ.

මේ අතර, බිත්තර තොග සගවන්නන්ට එරෙහිව සිදුකරන වැටලීම් දැඩි කිරීමටද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අවධානය යොමුව තිබෙනවා.

 

WhatsApp Group

Skip to content