අවිස්සාවේල්ල, ඉහළ තල්දුව, ගුරුපස්ගොඩ වංගුව අසලදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් සිව්දෙනෙකුට ඊයේ රාත්‍රියේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, එහිදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.

අවිස්සාවේල්ල සිට කෑගල්ල දෙසට ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් ඇති බටට පොලීසිය සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලීසිය සදහන් කළේ.

WhatsApp Group

Skip to content