මාලිගාවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු දින 18 කට පසු ඊයේ මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, කොළඹ 8, බේස්ලයින් පාර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38 ක් වයසැති පුද්ගලයෙක්.

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබුණේ පසුගිය පළමු වනදායි.

වෙඩි තැබීම සඳහා පැමිණි අවුරුදු 20 ක් වයසැති යතුරුපැදිකරුවකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පසුව අත්අඩංගුවට ගනු ලැබුවා.

WhatsApp Group

Skip to content