මට්ටක්කුලිය, අගලවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයට තැත් කිරීමේ අපරාධයට සම්බන්ධ පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 28ක් සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම සැකකරු 28 හැවිරිදි වියේ පසුවන තල්ගහකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සිද්ධිය සම්බන්දයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content