කොට්ටාව ධර්මපාල විද්‍යාලය අසලදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

අද උදෑසන 8 ට පමණ එම විද්‍යාලය අසල පිහිටා ඇති වෛද්‍ය රසායනාගාරයක් තුළදී එම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයෙකු විසින් ටී 56 වර්ගයේ ගිනි අවියක් යොදා ගනිමින් එම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 33 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර හෝමාගම නියදගල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රීයේදී තවත් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෑන් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයින් තිදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව සදහන්.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ 46 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා යුද හමුදාව හැරගිය සෙබලෙක් බව සදහන්.

පොලිසිය පැවසුවේ පතාල කණ්ඩායමක් සමග පවතින ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවටයි.

මේ සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 3 ක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම ගාල්ල කොස්ගොඩ ප්‍රදේශයේද අද අඵයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් 52 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පැවසුවා.

WhatsApp Group

Skip to content