අද අලුයම සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසනවා.

එම වෙඩිතැබීම සිදුකර තිබුණේ ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර පුල්ලෙයාර් හන්දියේදී ය.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති අතර වෙඩිතැබීමෙන් තුවාල ලද 26 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා . ඔහු කාවන්තිස්ස පුර, ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content