රජයේ නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අද ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අනුබද්ධ වෛද්‍ය සංගම් නියෝජිතයින්ද මෙම සාකච්ඡාවට එක්වනු ඇති.

ඔවුන් පවසන්නේ බදු ගැටළුවලට සාධාරණ විසදුමක් නොලැබුනහොත් ඉදිරියේදී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමුවන බවයි.

මේ ඒ පිළිබද අදහස් දැක්වු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා.

https://www.vnews.lk/storage/2023/02/CHAMIL-WIJESINGHE-EDIT-2.mp3?_=1

මේ අතර විවිධ වෘත්තියන්ගේ හමුවෙන් පසු සිය වෘත්තිය ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

එහි කැදවුම්කරු රංජන් ජයලාල් මහතා සහ වරාය වෘත්තිය නියෝජිතයින් මෙලෙස අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/02/RANJAN-JAYALAL-EDIT-2.mp3?_=2

WhatsApp Group

Skip to content