විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට සිදුවීම නිසා රුපියල් මිලියන 162ක අමතර වියදමක් දැරීමට සිදුවී ඇති බව කෝප් කමිටුව හමුවේ අනාවරණ වුණා.

ලංකා විදුලි බලමණ්ඩලයේ නිලධාරීන් එම කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී වැඩිදුරටත් අනාවරණය වුණේ එම වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවලින් උත්පාදනය කිරීමට තිබූ විදුලි ඒකක කිලෝවොට් 1,95,000ක් අහිමි වී ඇති බවයි.

WhatsApp Group

Skip to content