උසස් පෙළ වෘත්තිය විෂය ධාරාව සඳහා 12 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.

වෘත්තිය විෂය ධාරාව ක්‍රියාත්මක කෙරෙන පාසල් 525 න් තෝරාගත් පාසල්වලට ඇතුළත් වීම සඳහා සිසුන්ට මෙම අයදුම්පත් යොමුකළ හැකියි.

මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කරගැනීමේදී සාමාන්‍ය පෙළ විභාගයේ සමත් අසමත් භාවය අදාළ නොමැති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඒ අනුව වෘත්තිය විෂය ධාරාව යටතේ 12 වන ශ්‍රේණියේ පාසල් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කර 13 වන ශ්‍රේණිය සඳහා වෘත්තිය විෂයන් කිහිපයක් යටතේ එන්.වී.කිව් හතරවන මට්ටමේ වෘත්තිය පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කිරීමට සිසුන්ට හැකියාව ලැබෙනවා.

WhatsApp Group

Skip to content