නිකිණි පුන් පොහොය දිනය වෙනුවෙන් වී සාධු නාද පොහෝ දා වැඩසටහන මෙවර නාරාහේන්පිට, දාබරේ පටුමග ශ්‍රී ගෞතම විහාරස්ථානයේ සිට සජීවි ලෙස රැගෙන ඒමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
උදෑසන 6 සිට 6.20 දක්වා අටසිල් සමාදන් කරවීමත්, උදෑසන 7 සිට 8 දක්වා හිමිදිරි ධර්ම දේශනාව ගෙන ඒමටත් සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර උදෑසන 8 සිට 10 දක්වා කාලය ජීවිතයට බුදු දහම ධර්ම සාකච්ඡාව සඳහා වෙන් කර තිබෙනවා.
එමෙන්ම උදෑසන 11 සිට 11.30 දක්වා කාලය දහවල් සම්බුද්ධ පූජාව සදහා වෙන්කර ඇති අතර, දහවල් 2 සිට 3 දක්වා කාලය සද්ධර්ම දේශනාව සදහාත්, සවස 4 සිට 5 දක්වා කාලය කාව්‍යමය ධර්ම දේශනාව සඳහාත් වෙන් කර තිබෙනවා.
මේ අතර වී එෆ් එම් සාදු නාද වැඩසටහනේ ආශිර්වාද බෝධිපූජාව සදහා වෙන් කර ඇත්තේ රාත්‍රී 6.15 සිට රාත්‍රී 7 දක්වා කාලය වන අතර රාත්‍රී 7 සිට 9 දක්වා කාලය ගීතයෙන් දහම්වරය සඳහා වෙන් කර තිබෙනවා.
මේ සදහා ශ්‍රාවක ඔබට වී එෆ් එම් 107 ඔස්සේ සම්බන්ධ විය හැකියි.
අද පැවැත්වෙන වී සාධු නාද පොහෝ දා වැඩසටහන පිළිබද දැන ගැනීම සඳහා අපි දැන් සජීවීව සම්බන්ධ කර ගන්නවා එම ස්ථානයේ රැදී සිටින චරිත් ජයලත්ව.

https://www.vnews.lk/storage/2023/08/CHARITH-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content