මඩකලපු දිස්ත්‍රික්කයේ වී වගාවට දිලිර රෝගයක් වැළඳී ඇති බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී ගුණරත්න මහතා පවසනවා .

මහනුවර පැවති මාධ්‍ය හමුක දී ඔහු සඳහන් කළේ, මෙම දිලීර රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවයි .

මේ සඳහා දිලීර නාශක කඩිනමින් යෙදීම වැදගත් වන අතර, එසේ නොමැති වුව හොත් ව්‍යාප්ත වීමේ අවදානම දැඩි විය හැකි බව ද කේ.බී ගුණරත්න මහතා සදහන් කළා .

ගොවීන් විසින් භාවිත කරන ප්‍රමිතියෙන් තොර දිලීර නාශක හා පළිබෝධ නාශක භාවිත කිරීම හේතුවෙන් මෙම රෝගය තවත් ව්‍යාප්ත විය හැකි බව ද ඒ මහතා අවධාරණය කලා .

https://www.vnews.lk/storage/2023/07/K.-B-GUNARATHNA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content