අද (15) සිට වී මිල දී ගැනීම සඳහා දිස්ත්රික්ක 09ක ගබඩා 12ක් විවෘතව තැබේ.
තවත් ගබඩා 100ක් වී ලැබෙන කවර අවස්ථාවක වුවත් මිල දී ගැනීමට සූදානම් කර ඇත.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා විසින් කළ ඉල්ලිමක් පරීදි ගරු ජනාධිපතිතුමන් විසින් මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 500ක මුදලක් ලබා දී තිබේ.
ඒ අනුව හෙට සිට වී මිල දී ගැනීම සඳහා හම්බන්තොට, මොණරාගල, අම්පාර, ත්රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල, වව්නියාව, කිලිනොච්චිය හා අනුරාධපුර යන දිස්ත්රික්ක 09හි වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 12ක් විවෘතව තැබීමට තීරණය කර ඇත.
ඒ අනුව කච්චිගල් ආර, වීරවිල, දෙහිගහලන්ද, යෝධකන්ඩිය, අළුත්වැව, වීරගොඩ, සූරංගල්, මනල්පෙඩ්ඩි, නිකවැරටිය 02, කිලිනොච්චිය, පාර්ක් රෝඩ්, කිලිනොච්චිය ආර්ථික මධ්යස්ථානය හා නොච්චියාගම වී ගබඩා අද සිට විවෘතව තැබෙනු ඇත.
එමෙන්ම සියලුම දිස්ත්රික්ක ආවරණය වන පරිදි වී ගබඩා 100ක් කවර අවස්ථාවක වුවද වි මිල දී ගැනීම සඳහා සුදානම්ව තබන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.
මේ වනවිට මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය සතුව රුපියල් මිලියන 600ක මුදලක් පවතී.
කෙසේ වුව ද මේ වනවිට වී අලෙවි මණ්ඩලයේ ගබඩා සඳහා වී මිල දී ගැනීමට හැකි වී තිබෙන්නේ දකුණු කළාපයෙන් පමණි.
ඒ අනුව වී කිලෝග්රෑම් 75,000ක් ගත වූ දින හතර ඇතුළත මිල දී ගැනීමට හැකි වී ඇති අතර එම වී තොගයම රතු කැකුළු වීම විශේෂත්වයකි.
මේ අතර අද දින පාදුක්ක ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැති කෘෂිකර්ම ප්රගති සමාලෝචන රැස්වීමක් ඇමතූ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 500ක මුදලක් ලබා දීමට ගරු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පියවර ගත් බව සඳහන් කළේය.
මුදල් අමාත්යාංශයේ නිලධාරින් වී මිල දී ගැනීම සඳහා කිසිදු සහයෝගයක් නොලැබුනු බව සඳහන් කළ අමාත්යවරයා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ගොවි ජනතාවගේ ගැටළු සම්බන්ධව හැම විටම ධනාත්මකව සිතා කටයුතු කළ බව ද සඳහන් කළේය.

WhatsApp Group

Skip to content