රුපියල් බිලියන 10 ක මුදලක් වී මිලදී ගැනීම සඳහා පළමු අදියර වශයෙන් ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන ආරම්භ කරමින් .

තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මුල්කරගනිමින් මෙම වැඩසටහන ආරම්භ කෙරුණා.

එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හතක් සම්බන්ධ කරගනිමින් දිස්ත්‍රික් ලේකම්ගේ මෙහෙයවීමෙන් වී මිලදී ගැනීම ආරම්භ කෙරුණා.

https://www.vnews.lk/storage/2023/03/SHEAHAN-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content