වී මිලදී ගැනීම සඳහා තවත් රුපියල් මිලියන 250 ක් ලැබුණු බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේ, දිස්ත්‍රික්ක 11 වී මිළදී ගැනීම මේ වනවිට සිදුකරන බවයි.

ඒ සඳහා ගබඩා 39 ක් විවෘත කර ඇති බවද ඔහු සඳහන් කළා.

වී මිලදී ගැනීම ආරම්භ කිරීමට රුපියල් මිලියන 250ක් මීට පෙර ලබා දුන් අතර, එම මුදල් මේ වනවිට අවසන් වී තිබෙනවා.
සභාපතිවරයා සඳහන් කළේ, මේ වන විට වී කිලෝ ග්‍රෑම් ලක්ෂ 27 ක් මිලදී ගෙන ඇති බවයි.

WhatsApp Group

Skip to content