මහ කන්නයේ වී මිල දී ගැනීමේ කටයුතු සඳහා මේ වනවිට වී අලෙවි මණ්ඩලය ක්‍රියාත්මක කර තිබේ. වී මිල දී ගැනීමේ කටයුතු සඳහා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 500ක් සහ ගොවි භාරකාර අරමුදලෙන් රුපියල් මිලියන 500ක් ද වශයෙන් මේ වනවිට රුපියල් මිලියන 1000ක මුදලක් වී අලෙවි මණ්ඩලයට ලැබී ඇත.

පසුගිය සඳුදා සිට (18)  වී මිල දී ගැනීමේ කටයුතු වී අලෙවි මණ්ඩලය විසින් ආරම්භ කළ අතර වී වගා කරන ලද සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා දෙකක් බැගින් මේ වනවිට විවෘත කර ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content