ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන වීසා ක්‍රමවේදය සරල කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

පැමිණීමේ සහ වාස වීසා යන වර්ග 2 යටතේ නිකුත් කරන වීසා කාණ්ඩයන්ගේ පවතින සංකීර්ණතා සැලකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව විදේශීය රටවල ක්‍රියාත්මක කරනු ලබන වීසා ක්‍රමවේදයන් සලකා බලා මෙරට ක්‍රියාත්මක වන වීසා ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමට කටයුතු කරන බවයි රජය පවසන්නේ.

WhatsApp Group

Skip to content