වසරකට දෙවතාවක් සිදු කරනු ලබන විශේෂ ශ්‍රේණියේ උසස්වීම් ලබා දීමේ ක්‍රියාවලිය මෙම ජූලි 01 වන දා සිට කඩිනම් කර තිබෙන බව ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ආලෝක බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කළේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ඊයේ (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්. ආලෝක බණ්ඩාර මහතා
” කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් 2020 – 2022 කාලය තුළ රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සීමා කරනු ලැබුවා. ඒ වගේම 2022 වසරේදීම රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් අත්හිටවනු ලැබුවා. එම තත්ත්වය රාජ්‍ය සේවයේ කාර්යය මණ්ඩල සමාලෝචනය සඳහා අවස්ථාව සලසා දෙන දෙනු ලැබුවා.
ඒ අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මඟින් දීප ව්‍යාප්ත සේවා 6කට, ඒකාබද්ධ සේවාවලට, ග්‍රාම නිලධාරි සේවය ඇතුළු සේවා ගණනාවකට බඳවා ගැනීම් සිදු කිරීමට තීරණය කළා. එම බඳවා ගැනීම්වලට රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ මුදල් අමාත්‍යාංශය වැනි ආයතනවලින් විධිමත් අනුමැතීන් සහ එකඟතා ලබා ගෙන පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව මත පමණක් පදනම්ව එම කටයුතු සිදු කරනු ලබනවා. ඒ අනුව කාර්ය මණ්ඩල සමාලෝචනයක් තුළ අත්‍යවශ්‍ය තනතුරු පුරප්පාඩු ක්‍රමානුකූලව පිරවීම සඳහා අප අමාත්‍යාංශය කටයුතු කළා. ඒ වගේම විභාග පැවැත්විමේ ප්‍රමාදය මඟ හරවා ගැනීමට කාර්යක්ෂමතා කඩඉම් විභාග ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය යටතේ පැවැත්වීමටද කටයුතු කළා.”

WhatsApp Group

Skip to content