ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් රජය පසුගිය මාස 09ක කාලය තුළ ගෙන ඇති පියවර පිළිබද ජනාධිපතිවරයා මෙහිදී ජනතාව දැනුවත් කරනු ඇති.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ රාත්‍රි 08ට ජනාධිපතිවරයා විසින් සිය විශේෂ ප්‍රකාශය සිදුකරන බවයි.

රජයේ ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද ජනාධිතිවරයා අදහස් දැක්වීමට නියමිතයි.

එමෙන්ම රටේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සදහා වන මෙහෙයුම් යෝජනාවලිය ද ජනාධිපතිවරයා සිය විශේෂ ප්‍රකාශ මඟින් රට හමුවේ තබනු ඇති.

 

WhatsApp Group

Skip to content