පාර්ලිමේන්තුවේ සහ මන්ත්‍රී වරප්‍රසාද කඩවීමේ සිද්ධි සම්බන්ධයෙන් සෙවීමට විශේෂ කාරක සභාවක් පත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වන යෝජනාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බවයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධිර මහත්මිය පැවසුවේ.

කතා නායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ ආණ්ඩුව විසින් හෙට දිනයේ හදිසියේම තේරීම් කාරක සභාවක් පත් කිරීම මගින් අධිකරණයට සහ මැතිවරණ කොමිසමට බලපෑමක් සිදු වන බවයි.

අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2023/07/SAJITH-PREMADASA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content