විශේෂ කාරක සභාවක් පත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා .

එම කාරක සභාව පත් කිරීමට යෝජනා කර ඇත්තේ පාර්ලිමේන්තු සහ මන්ත්‍රී වරප්‍රසාද කඩවීමේ සිද්ධි සම්බන්ධයෙන් සෙවීම සදහායි .

කතා නායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ආණ්ඩුව විසින් අද දිනයේ හදිසියේම තේරීම් කාරක සභාවක් පත් කිරීම මගින් අධිකරණයට සහ මැතිවරණ කොමිසමට බලපෑමක් සිදු වන බවයි.

https://www.vnews.lk/storage/2023/07/SAJITH-PREMADASA-EDIT-1-1.mp3?_=1

WhatsApp Group

Skip to content