විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රිවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අදාළ යෝජනාව කතානායකවරයාට භර දුන් බවයි විපක්ෂ නායක කාර්යාලය සදහන් කළේ.

ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නීති රීතිවලට පටහැනිව විදුලි ගාස්තු සංශෝධනය කර  ඇත්දැයි කරුණු සොයා බැලීම සඳහායි මෙම විශේෂ කාරක සභාව පත්කිරීමට යෝජනා කර ඇත්තේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ ගාස්තු සංශෝධනයේ නීත්‍යානුකූලභාවය විමසා බලා නිත්‍යානුකූල නොවන බවට හඳුනාගතහොත් වගකිවයුත්තන්ට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි එම මන්ත්‍රීවරු මෙම යෝජනාවෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

මේ යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ද ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content