වෛද්‍ය ප්‍රතිකාර වලින් පසු රෝගීන් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම් සම්බන්ධයෙන් වන විශේෂඥ කමිටු වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යා කෙහෙළිය රඹුක්වැල්ල මහතාට නිල වශයෙන් භාර දී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා ට්විටටර් පණිවුඩයක් නිකුත් කරමිනුයි මේ බව සදහන් කර ඇත්තේ.

එසේම අදාළ ට්විටර් පණිවුඩය හරහා අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ වෛද්‍යවරයාගේ සහ රෝගියාගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා සම්පූර්ණ වාර්තාව හෙළිනොකරන බවයි.

ඒ අනුව අදාළ විශේෂඥ කමිටුවේ නිර්දේශ සහ නිගමන පමණක් ප්‍රසිද්ධියට පත්කිරීමට කටයුතු කර ඇති.

WhatsApp Group

Skip to content