කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳව අවසාන ඡන්ද විමසීම සඳහා සහභාගී වීමට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැඳවාගෙන එන ලෙස වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී ඇති බව වාර්තාවනවා.

බාල බෙහෙත් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ සඳහා සහභාගි වීමට කැමති නම් පමණක් එසේ රැගෙන එන ලෙසයි දැනුම් දී ඇත්තේ.

කෙසේ වෙතත් පවතින අසනීප තත්වයන් මත පාර්ලිමේන්තු පැමිණීමෙන් වලකින බව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මින් පෙර දැනුම් දී තිබුණා.

WhatsApp Group

Skip to content