023/2024 විශ්වවිද්යාල ප්රවේශ ශිෂ්ය අත්පොත online ක්රමයට පමණක් මේ වන විට විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය www.ugc.ac.lk ට පිවිසීමෙන් බාගත කර ගත හැකි බව විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (03) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්ය සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කළේය. බාගත කිරීමේදී සිසුන්ගේ ජාතික හැදුනුම්පත් අංකය ඉදිරිපත් කළ යුතු අතර රුපියල් 1000.00 ක මුදලක් බැංකුවකට ගෙවීමෙන් අනතුරුව භාෂා ත්රිත්වයෙන්ම මෙම අත්පොත ලබා ගැනීමේ හැකියාව ඇත.
මෙලෙස බාගත කර ගැනීමේදී යම් ගැටලුවක් මතුවුව හොත් 0112695301/ 0112695302 යන දුරකතන අංක ඇමතීමෙන් අවශ්ය තොරතුරු ලබා ගත හැකිය.
විශ්වවිද්යාල ප්රවේශය සඳහා සිසුන්ගේ ඩිජිටල් අයදුම්පත්ර යොමු කිරීම සඳහා මෙම මස 14 දින සිට ජූලි 05 දක්වා විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය නැවත විවෘත කරන බවද එහිදී සභාපතිවරයා දන්වා සිටියේය.
අයදුම්පතේ වෙනස්කම් සිදු කිරීමට ඇත්නම් ඒ් සඳහා ජූලි 05 සිට ජූලි 19 දක්වා සති දෙකක කාලයක් ලබා දී ඇති අතර ඒ සඳහා එක් වරක් පමණක් සිසුන්ට අවස්ථාව හිමි වේ.
දරුවන්ගේ විශ්වවිද්යාල ප්රවේශය සඳහා කඩඉම් ලකුණු අගෝස්තු අග හෝ සැප්තැම්බර් මුල ලබා දීමට කටයුතු සලසා ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

WhatsApp Group

Skip to content