2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම අදින් අවසන්  බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

අයැදුම්පත් ප්‍රමාණය පරීක්ෂා කර විශ්වවිද්‍යාල ආරම්භ කරන දින වකවානු පිළිබඳව දැනුම්දීමක් ඉදිරියේදී සිදු කරන බව එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවා.

මෙවර සිසුන් 45,000 ක් පමණ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට තෝරා ගැනීමට බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content