ජ්යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස වැඩභාර ගෙන තිබෙනවා.
ඔහු එම තනතුරට පත්කරන ලද්දේ ජ්යෙෂ්ඨ මහචාර්ය සම්පත් අමරතුංග මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි.
ජ්යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා 1990 දී කැලණිය විශ්වවිද්යාලයෙන් රසායනික විද්යාව පිළිබඳ උපාධිය හිමිකරගෙන තිබෙනවා.
ඔහු සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන ඇත්තේ අමෙරිකාවේ ඩෙට්රොයිට් හි Wayne State විශ්වවිද්යාලයෙනි.
කපිල සෙනෙවිරත්න මහතා කැලණිය විශ්වවිද්යාලයේ රසායනික විද්යා අංශයේ ජ්යෙෂ්ඨ මහාචාර්යවරයා ලෙස කටයුතු කරනවා.
2014 – 2017 දක්වා විද්යා පිඨයේ පීඨාධිපති ලෙස ද කටයුතු කර ඇති අතර, කැලණිය විශ්වවිද්යාලයේ පශ්චාද් උපාධි අධ්යයන පීඨයේ පීඨාධිපති වශයෙන්ද කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content