විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු හැකි ඉක්මනින් සකස් කිරීමට පියවර ගෙන තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව සිසුන් 87,000 ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලුම් කර තිබෙන බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සේවක හිඟය හේතුවෙන් මේ සඳහා යම් බාධා එල්ල වී තිබෙනවා.

නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ කඩයිම් ලකුණු ලබන මස අවසානයට පෙර නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් 43,000 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් කරගැනීමට අපේක්ෂා කර ඇති බවද සඳහන්.

WhatsApp Group

Skip to content