විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිය සමිති අද සංකේත වැඩ වර්ජනයක නිරතවීමට සැලසුම් කර තිබෙනවා.

වැටුප් ගැටළුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබා දෙන අරමුදල් කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහිවයි මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන්නේ.

රාජ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය සහ විශ්වවිද්‍යාලීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඊයේ පැවැත්වු සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබුණා.

දිවයිනේ පවතින විශ්වවිද්‍යාල 17 තුළම මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරෙන බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සදහන් කළේ.

මේ ඒ පිළිබද වැඩිදුරටත් අදහස් පලකළ එහි ප්‍රධාන ලේකම් ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා.

https://www.vnews.lk/storage/2023/11/ATHULA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content