අද දිනයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

එහි සභාපති ශ්‍යාම් බන්නැහැක මහතා මේ බව කියා සිටියේ සෞඛ්‍ය වෘත්තිකයින්ගේ වෘත්තිය ක්‍රියාමර්ගයට සහය දැක්වීමක් ලෙස මෙලෙස වෘත්තිය ක්‍රියාමාර්ගයක යොමු වන බවයි.

ඒ අනුව අද සිට විශ්වවිද්‍යාල අභ්‍යන්තර මෙන්ම සති අන්ත පාඨමාලා අධ්‍යන කටයුතුවලින් ඉවත් වන බවයි ඔහු ප්‍රකාශ කළේ.

රජයේ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම ඇතුළු ඉල්ලීම් 09ක් මුල්කර ගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති 21ක් ඊයේ පැය 24ක වැඩවර්ජනයක නිරත වුණා.

තවත් ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති මෙම වැඩවර්ජනයට සහාය පළකර තිබෙනවා.

ඔවුන්ද ලබන 15 වනදා සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවීමටයි සැලසුම් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content