විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලු විසදීම සඳහා වන යෝජනා එළඹෙන සඳුදා දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට තීරණය කර තිබෙනවා .

ඒ අනුව ඔවුන්ගේ මාසික දීමනාව සහ 2016 වසරේ සිට පවතින වැටුප් විෂමතාව සම්බන්ධයෙන් වන යෝජනා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියා.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද 08 වන දිනටත් ක්‍රියාත්මක වනවා .

WhatsApp Group

Skip to content