පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට එරෙහිව ප්‍රංශ ජනතාව සිදු කළ ජාතික වැඩ වර්ජනයෙන් ගුවන් තොටුපළ, පාසල් සහ තෙල් පිරිපහදු කම්හල් පවත්වාගෙන යාමට ඊයේ දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල සදහන් වනවා.

රජයේ මෙම තීරණය හේතුවෙන් දින 09ක් ලක්ෂ සංඛ්‍යාත ප්‍රංශ ජනතාව වීදි වලට බැස සිය විරෝධය පළ කරන බවයි එම වාර්තා වල සදහන් වන්නේ.

මෙහිදී පිරිස විසුරුවා හැරීමට අවස්ථා කිහිපයකදී එරට පොලීසිය විසින් ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් වනවා.

WhatsApp Group

Skip to content