ඇල්කඩුව වැවිලි සමාගමට අයත් මාතලේ – රත්වත්ත වතුයායේ නිවසක් කඩා ඉවත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස විශ්‍රාමික වැවිලිකරුවන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එහි සාමාජික ධම්මික කොබ්බෑකඩුව මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ වතු සමාගම්වල විෂය පථය තුළ ඉඩම් පිළිබඳ හිමිකම තහවුරු කිරීම සඳහා වතු කළමනාකරුවන් නීත්‍යානුකූලව බැදී සිටින බවයි.

අදාළ නිවස අනවසර ඉදිකිරීමක් වන අතර එහි හිමිකරු වතු ප්‍රජාවට අයත් නොවන පිටස්තරයකු බව ද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා අදාළ සහකාර වතු අධිකාරිවරයා සමඟ පසුගිය දා මතභේදයක් ඇති කර ගැනීමේ සිද්ධිය මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මීට අදාළව පාර්ලිමේන්තුවේදී විරෝධතාවක ද නිරත වුණා.

වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ අදාළ වතුයායේ සහකාර කළමනාකාරවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

WhatsApp Group

Skip to content