රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය මගින් රාජ්ය භාෂා සතියට සමගාමීව චිත්ර තරගයක් සංවිධානය කර ඇත.
” විවිධත්වය අපේ ශක්තියයි” යන තේමාව යටතේ මෙම තරගය සඳහා සිංහල, මුස්ලිම්, දෙමළ, කතෝලික අවුරුදු 25ට අඩු පාසල් හැරගිය දරුවන්ට ඉදිරිපත් විය හැකිය. බ්රිසිල් බෝඩ් ප්රමාණයේ පැස්ටල් මාධ්ය සිතුවමක් මේ සඳහා ඉදිරිපත් කළ හැකි අතර පළමු ස්ථානයට රු 10,000ක්, දෙවන ස්ථානයට රු 5000ක් හා තෙවන ස්ථානය සදහා රු 3000ක් වශයෙන් මුදල් ත්යාග හා 1 සිට 10වන ස්ථාන දක්වා සහතික පතක් හිමි වේ.
සිතුවම් භාර දීම 2024.07.04ට පෙර කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා ප්රවර්ධන සහකාර වෙත භාර දිය හැකි අතර මේ සම්බන්ධයෙන් වැඩි විස්තර 0719628315 යන දුරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැකියි.

WhatsApp Group

Skip to content