සමඟි ජන බලවේගය සහා ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා දින නියම කර තිබෙනවා.
ඒ පිලිබඳ සඳහන් කරමින් සමගි ජන බලවේගය විසින් ලිපියක් යවා ඇති බව සඳහන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් ඒ සඳහා වන ලිපිය යවා ඇති අතර එහි දැක්වෙන්නේ දෙපාර්ශවයේ ආර්ථික කමිටු අතර විවාදය පළමුවෙන් තැබිය යුතු බවයි.

ඒ අනුව ඒ සඳහා මැයි මස 27, 28, 29, 30,සහ 31 යන දිනයන් යෝජනා කර ඇති අතර ඉන් පහසු දිනයක් තෝරා ගන්නා ලෙස ජාතික ජන බලවේගයට දැනුම් දී තිබෙනවා.

මේ අතර දෙපාර්ශවයේ නායකවරුන් අතර විවාදය සඳහා ජුලි මස 3, 4, 5, 6, හෝ 7 අතර දිනයක් තෝරා ගැනීමටයි යෝජනා කර ඇත්තේ.

එසේම එම විවිවාද දිනයන් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයෙන් කඩිනම් පිළිතුරක් අපේක්ෂා කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් අදාළ ලිපියේ සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content