කොළඹ මරදාන ප්‍රදේශයේ විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් වෛද්‍ය පීඨ සිසුන් විසි දෙදෙනා ඇප මත මුදා හැර තිබෙනවා.

සබරගමු සරසවියේ වෛද්‍ය පීඨ සිසුන් පිරිසක් ඊයේ දිනයේ විරෝධතාවයක නිරත වූ අතර එම විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය විසින් අධි පීඩන ජල ප්‍රහාරයක් ද එල්ල කර තිබුණා.

පසුව එම විරෝධතාවයට එක් වු වෛද්‍ය පීඨ සිසුන් විසි දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා.

ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

WhatsApp Group

Skip to content